අද මන් ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩි මොබයිල් ට්‍රික් එකක්.

ඔයාලගේ ස්මාර්ට් ෆෝන් එකට අනිවා ඔයා පැටන් හෝ පාස්වර්ඩ් ලෝක් එකක් දානවනේ වැඩි ආරක්ෂාවක් ලබා ගන්න. එත් බැරි වෙලාවත් ඔයේ පැටන් එක හරි කෝඩ් එක හරි අමතක උනොත්???

ෆෝන් කඩේකට උස්සන් ගිහින්, එකේ අයියට රුපියල් 1000ක් එහෙම පුජා කරලා ලෝක් එක අරගන්න මාර කට්ටක් කන්න එපායේ.

හැබැයි අද ඉදන් එහෙම ඕනේ නැ...
මන් පහළ කියලා තියෙන විදියට කලොත් සත පහක්වත් වියදම් නොකර වැඩේ ගොඩදාන්න පුළුවන්.



හරි එහෙනම් ඔයාගේ ෆෝන් එක ලෝක වුනොත් මේ පිළිවෙලට කරන්න.
  1. ඔයාගේ දුරකථනය off කරන්න.
  2. දැන් මේ key ටික එක පාර ඔබන්න.
    volume up + home key + power button ( home button එකක් නැත්නම් volume up + power button ඔබන්න.)
    දැන් ඔයාගේ ෆෝන් එක DOS වින්ඩෝ එකකින් ON වෙයි.
  3. දැන් volume buttons වලින් scroll කරලා "Restore  Factory Default" හෝ " Delete all User data" යන්න තෝරන්න.
  4. ඊට පස්සේ "Reboot System Now" තෝරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක Reboot වෙයි.
    (සැ:යු: මෙවිට ඔබගේ දුරකථනයේ ෆෝන් මෙමරියේ ඇති කන්ටැක් හා ම්සේජ් ඩිලීට්වී යයි)
හරි දැන් ඔයාගේ ෆෝන් එක බාබා වගේ unlock වෙලා ඇති...

(මෙම ක්‍රමය 100% ඇන්ඩ්රොයිඩ් දුරකථන වලට ක්‍රියා කරන අතර, වින්ඩොව්ස් හෝ  ඇපල් දුරකථන සදහා අත්හදාබලා නොමැත.)

Post a Comment

 
Top